එළඹෙන සිංහල දෙමළ අලුත් අවුරුද්ද හේතුවෙන් සිංහරාජය කුඩව වන පිවිසුම වසා තබන බව සිංහරාජ වන පාලක කාර්යාල දැනුම් දෙනවා.
ඒ, අනුව 12,13,14, 15 යන දිනයන්වල දී සිංහරාජ වන පිවිසුම දෙස් විදෙස් සංචාරකයි සඳහා වසා තබන බවයි එම කාර්යාලය සඳහන් කළේ.
කුඩව පිවිසුම වසා තැබෙන දිනවල දී සිංහරාජය වනාන්තරය නැරඹීමට නොහැකි බවත් එම නිසා එම දිනවලදී වනාන්තරය නැරඹීමට නොපැමිණෙන ලෙස සිංහරාජ වන කාර්යාලය සංචාරකයන්ගෙන් හා සංචාරකයන් රැගෙන එන පිරිස්වලින් ඉල්ලා සිටිනවා.