අමෙරිකාව සහ චීනය එකිනෙකාගේ ආනයනයන්ට බදු පැනවීමත් සමඟ මිල ගණන්වල විශාල වෙනස්කම් සිදුවනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.
මෙම තත්ත්වය යටතේ, චීන වෙළෙන්දෝ ටික්ටොක් වේදිකාව භාවිතා කරමින් තම භාණ්ඩ අඩු මිලට අමෙරිකානුවන්ට කෙලින්ම අලෙවි කිරීම ආරම්භ කර තිබෙනවා.
අමෙරිකාවේ බදු සමඟ ඉහළ මිලකට අලෙවි වන හෑන්ඩ්බෑග් වැනි සුඛෝපභෝගී චීන වෙළඳ නාමයන්ගේ භාණ්ඩ, තමන් කෙලින්ම ලබාදෙන බවත්, චීන නිෂ්පාදකයන්ගෙන් නිරවද්‍ය ලෙස මිලදී ගැනීමෙන් සිල්ලර මිල ගණන් සහ අමතර ගාස්තු මඟහරවා භාණ්ඩවල මිල කිහිප ගුණයකින් අඩු කළ හැකි බවත් චීන වෙළෙන්දෝ ටික්ටොක් හි වීඩියෝ පළ කරමින් ප්‍රකාශ කරනවා.
උදාහරණයක් ලෙස, එක් වීඩියෝවකදී, Lululemon leggings, Louis Vuitton handbags and Birkin bags වැනි ඉහළ පෙළේ භාණ්ඩ ඒවායේ සිල්ලර මිලෙන් බෙහෙවින් අඩුවට අලෙවි කරන බවට ප්‍රකාශ කරන වීඩියෝවල ගණන ඉහළ යමින් තිබෙනවා
එක් වීඩියෝවකදී, භාණ්ඩයක් අතැතිව කතා කරන වෙළෙන්දෙක්, Lululemon yoga pants නිෂ්පාදනය කරන කර්මාන්ත ශාලාවේ යන්ත්‍ර ඉදිරියේ සිට, එම yoga pantsඅමෙරිකාවේ ඩොලර් 100කට අලෙවි වන බවත්, තමන් එය ඩොලර් 5-6කට ලබාදෙන බවත් පවසනවා.
මෙම වීඩියෝව ටික්ටොක් හි මිලියන 10කට අධික නැරඹුම් ලබා තිබෙන අතර මේ ආකාරයේ වීඩියෝ රැසක් TikTok වේදිකාව ආක්‍රමණය කරමින් තිබෙනවා.
තවත් වීඩියෝවකදී, Birkin වෙළඳ නාමයේ handbag එකක් අමෙරිකාවේ ඩොලර් 38,000කට (රුපියල් ලක්ෂ 32කට පමණ) අලෙවි වන බවත්, එම භාණ්ඩයම ඩොලර් 1,400කට (රුපියල් ලක්ෂයකට පමණ) ලබාදෙන බවත් වෙළෙන්දෙක් ප්‍රචාරය කරනවා.