Latest News

වියළි කාලගුණය හේතුවෙන් ජල කප්පාදුවක් – ප්‍රදේශ රැසකට සීමා පැනවේ

Published 12 days ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

පවතින වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් ඉදිරි දින කිහිපයේදී දිවයිනේ ප්‍රදේශ රැසකට ජල සැපයුම සීමා කිරීමට සිදුවනු ඇති බව ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි. ඒ අනුව ඇතැම් ප්‍රදේශවලට ජල සැපයුම සීමා කිරීමත්, තවත් ප්‍රදේශවලට පැය කිහිපයක ජල කප්පාදුවක් ක්‍රියාත්මක කිරීමටත් තීරණය කර ඇති බව එම මණ්ඩලයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේය.
විශේෂයෙන් කොළඹ ඇතුළු ප්‍රදේශ රැසකට ජලය සපයන කලටුවාව සහ ලබුගම ජලාශවල ජල මට්ටම් පහළ යාම මෙම තත්ත්වයට ප්‍රධාන හේතුව ලෙස සඳහන් වේ.
මේ පිළිබඳව ජනතාව දැනුම්වත් කිරීම සඳහා අද උදෑසන ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය ප්‍රවෘත්ති සාකච්ඡාවක්ද කැඳවා තිබුණි.

World News

Send your contact Details Today