Latest News

රෝගීන් 15 දෙනෙකු ඝාතනය කිරීමක් සම්බන්ධයෙන් වෛද්‍යවරයෙකුට චෝදනා

Published 2 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ඖෂධ රැසක් මිශ්‍ර කර රෝගීන් 15 දෙනෙකු ඝාතනය කිරීමක් සම්බන්ධයෙන් ජර්මානු සහන සත්කාර (palliative care doctor) වෛද්‍යවරයෙකුට චෝදනා එල්ල වී තිබෙනවා.

අදාළ වෛද්‍යවරයා 2024 වසරේ දී අගෝස්තු මාසයේ දී අත්අඩංගුවට පත්ව ඇති අතර, ඔහු සම්බන්ධයෙන් සිදුකරනු ලබන විමර්ශනවලදී මෙම කරුණු අනාවරණය වී තිබෙනවා.

අදාළ වෛද්‍යවරයාට එරෙහිව මේ වනවිට බර්ලිනයේ අධිකරණයක නඩු පවරා තිබෙන අතර අගතියට පත් පාර්ශ්ව චෝදනා කරන්නේ සැකකාර 40 හැවිරිදි වෛද්‍යවරයා සාක්ෂි වසන්කිරීම සඳහා වින්දිතයින් කිහිප දෙනෙකුගේ නිවෙස්වලට ගිනිතැබීම් පවා සිදුකර ඇති බවයි.

සහන සත්කාර වෛද්‍යවරයෙකු ලෙස හඳුන්වන්නේ බරපතළ රෝගාබාධවලින් පෙළෙන පුද්ගලයින්ගේ දුක් වේදනා වැළැක්වීම සහ සහනය ලබාදෙන වෛද්‍යවරයෙකු ලෙසයි.

මෙම සැකකාර වෛද්‍යවරයා රෝගීන්ගේ අනුදැනුමකින් හෝ කැමැත්තකින් තොරව අදාළ ඖෂධ ශරීරගතකර ඇති බව මූලික විමර්ශයේදී අනාවරණය වී තිබෙනවා.

2021 සැප්තැම්බර් සිට 2024 ජූලි දක්වා කාලය තුළ ඖෂධ මිශ්‍රකර සෑදූ මෙම මාරාන්තික ඖෂධයෙන් ඝාතනය කරනු ලැබූ පුද්ගලයන් 15 දෙනාගෙන් 12 දෙනෙකුම කාන්තාවන් බවට අනාවරණය වී තිබෙනවා.

ඝාතනයට ලක්වූවන් වයස අවුරුදු 25 සිට 94 දක්වා වූ වයස්වල පසුවූවන් වන අතර, ඔවුන්ට අදාළ මාරාන්තික ඖෂධය ශරීර ගතකර මිනිත්තු කිහිපයක් ඇතුළත මරණයට පත්ව ඇති බව සඳහන්.

සැකකාර වෛද්‍යවරයා ජර්මනියේ ප්‍රාන්ත කිහිපයකම සේවයකර ඇති අතර, ඒ හේතුවෙන් නඩු පවරන්නන් පවසා ඇත්තේ ඔහු විසින් ඝාතනයකර ඇති සංඛ්‍යාව තවත් ඉහළ යාහැකි බවයි.

අදාළ වෛද්‍යවරයාට 2024 ජූලි මාසයේ එක් දිනක් තුළ රෝගීන් දෙදෙනෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් ද චෝදනා එල්ල වී තිබෙනවා.

මධ්‍යම බර්ලිනයේ එම ද්විත්ව ඝාතන සිදුව ඇති අතර, එහිදී 75 හැවිරිදි පුද්ගලයෙකු සහ 76 හැවිරිදි කාන්තාවක් පැය කිහිපයක් ඇතුළත මියගොස් තිබෙනවා.

2024 අගෝස්තු මාසයේදී මෙම සැකකාර වෛද්‍යවරයා අත්අඩංගුවට ගන්නා විට පුද්ගලයින් හතර දෙනෙකු ඝාතනය කළ බවට චෝදනා එල්ල වී තිබෙනවා.

World News