Latest News

ගෝල්ෆේස් පිටිය ගැන ශ්‍රී ලංකා රජයෙන් විශේෂ තීරණයක් ගනියි

Published 2 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

සුදුසු නිර්ණායකයන්ට යටත්ව උත්සව, සංගීත ප්‍රසංග හා වෙනත් සැමරුම් සඳහා ගාලු මුවදොර පිටිය භාවිත කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

ඒ අනුව ‘පිරිසිදු හා හරිත ගාලු මුවදොර පිටියක්’ යන සංකල්පය මත පදනම්ව ගාලු මුවදොර පරිපාලනය වඩාත් ක්‍රමවත් හා විනිවිදභාවයෙන් යුතුව සිදු කිරීම පිණිස අවශ්‍ය පියවර ගන්නා බවයි, කැබිනට් මාධ්‍ය ප්‍රකාශක විජිත හේරත් මහතා ප්‍රකාශ කළේ.

ගාලුමුවදොර පිටිය ආගමික කටයුතු හැර වෙනත් කටයුතු සඳහා භාවිත කිරීම පිණිස අවසර ලබා නොදීමට 2023‑04‑17 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී තීරණයක් ගෙන තිබූ බව සඳහන්.

එම පිටිය පරිපාලනය හා නඩත්තුව සඳහා මාසිකව ආසන්න වශයෙන් රුපියල් මිලියන 2.5 – 3.0ක පමණ පිරිවැයක් දැරීමට සිදු වනවා.

එම මුදල ආවරණය කර ගැනීමට සහ 2023 වසරට පෙර පැවති ආකාරයෙන් දෙස් විදෙස් සංචාරකයින්ට නිදහසේ ගැවසිය හැකි වඩාත් ආකර්ෂණීය හා ආරක්ෂිත ස්ථානයක් වශයෙන් මෙන්ම ජනතාවට නිදහසේ සහභාගිවීමට අවකාශ සලසන උත්සව, සංගීත ප්‍රසංග හා වෙනත් සැමරුම් සඳහා සුදුසු නිර්ණායකයන්ට යටත්ව ගාලු මුවදොර පිටිය භාවිත කිරීමට අවස්ථාව සලසා දීම යෝග්‍ය බව පෙනී ගොස් ඇති බව විජිත හේරත් මහතා ප්‍රකාශ කළා.

World News