Latest News

ඊශ්‍රායලය, කමල් ඇඩ්වාන් රෝහලට එල්ල කළ ප්‍රහාරයෙන් 20 දෙනෙකු ජිවිතක්ෂයට

Published 2 years ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ඊශ්‍රායලය උතුරු ගාසා තීරයේ කමල් ඇඩ්වාන් රෝහලට දිගින් දිගටම එල්ල කරන ප්‍රහාර හේතුවෙන් 20 දෙනෙකු මියගොස් තිබෙනවා.

දුරස්ථ පාලක යොදා ගනිමින් වාහන කිහිපයක් පුපුරුවා හැරීමටද ඊශ්‍රායල හමුදා කටයුතු කර තිබෙනවා.

එම ප්‍රහාර වලින් රෝගීන් 20 දෙනෙකුට සහ වෛද්‍ය කාර්ය මණ්ඩලයට තුවාල සිදුව තිබෙනවා.

මධ්‍යම ඩීර් එල්-බාලාහි, කුසගින්නෙන් පෙළෙන පලස්තීනුවන්ට ආධාර රැගෙන යන රථ පෙළකට ද ඊශ්‍රායලය ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කළ අතර ඉන් මියගිය සංඛ්‍යාව 26 ක්.

මේ අතර ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු එරට පාර්ලිමේන්තුවට පවසා ඇත්තේ සටන් විරාමයකට එළැඹීමේ හා ගාසා තීරයේ සිරකරුවන් නිදහස් කර ගැනීමේ ගනුදෙනුවල ප්‍රගතියක් ඇති වී තිබෙන බවයි.

එහෙත් සටන් විරාමය ක්‍රියාත්මක කරන කාලසීමාවක් මෙතෙක් ප්‍රකාශයට පත්කර නැහැ.

පසුගිය වසරේ ඔක්තෝබර් 7 වනදා සිට ඊශ්‍රායල ප්‍රහාර වලින් පලස්තීනුවන් 45,317දෙනෙකු මියගොස් තිබෙනවා.

World News

Send your contact Details Today