Latest News

මදුරෝ අද නිව්යෝර්ක් අධිකරණයට

Published 2 hours ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

අමෙරිකානු අත්අඩංගුවේ සිටින වෙනිසියුලාවේ හිටපු ජනාධිපති නිකොලස් මදුරෝ අද (26) නිව්යෝර්ක් අධිකරණය හමුවේ පෙනී සිටීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඒ අනුව, හිටපු ජනාධිපතිවරයා මෙලෙස අධිකරණය හමුවේ පෙනී සිටින්නේ දෙවන වරටයි.
පසුගිය ජනවාරි මාසයේදී අමෙරිකානු ආරක්ෂක අංශ විසින් සිදුකළ වැටලීමකදී නිකොලස් මදුරෝ සහ ඔහුගේ බිරිඳ අත්අඩංගුවට ගෙන ඇති අතර, මේ වන විට ඔවුන් බෲක්ලින් බන්ධනාගාරයේ රඳවා තබා ඇති බව සඳහන්.
මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් කුමන්ත්‍රණය කිරීම, මැෂින් තුවක්කු සහ විනාශකාරී උපකරණ ළඟ තබාගැනීම ඇතුළු චෝදනා 4ක් ඔහුට එරෙහිව එල්ල වී තිබුණද, එම සියලු චෝදනා ඔහු විසින් ප්‍රතික්ෂේප කර තිබේ.

World News

Send your contact Details Today