Latest News

රුසියානු බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය දිවයිනට

Published 27 days ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

රුසියානු සමූහාණ්ඩුවේ බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය රෝමන් මාර්ෂාවින් මහතා අද (26) දින නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණ තිබේ.
මෙම සංචාරය අතරතුර ඔහු ශ්‍රී ලංකාවේ බලශක්ති ක්ෂේත්‍රයට අදාළ අමාත්‍යවරුන් සහ ඉහළ පෙළේ නිලධාරීන් හමුවී ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට නියමිත බව වාර්තා වේ.
එහිදී දෙරට අතර බලශක්ති සහයෝගීතාවය, ඉන්ධන සැපයුම්, සහ අනාගත ආයෝජන අවස්ථා පිළිබඳව විශේෂ අවධානය යොමු කිරීමට නියමිත බවද සඳහන් වේ.
මෙම සංචාරය ශ්‍රී ලංකාව සහ රුසියාව අතර පවතින ආර්ථික සහ තාක්ෂණික සහයෝගීතාවය තවදුරටත් ශක්තිමත් කිරීමට උපකාරී වනු ඇති බව විදෙස් ආරංචි මාර්ග පවසයි.

World News

Send your contact Details Today