Latest News

මෝටර් රථ දෙපාර්තමේන්තුවේ හිටපු නිලධාරින් 3ක් අත්අඩංගුවට

Published 27 days ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ව්‍යාජ ලෙස මෝටර් රථ කිහිපයක් ලියාපදිංචි කිරීම ඇතුළු චෝදනා කිහිපයක් යටතේ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ හිටපු නිලධාරින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් අද (26) පෙරවරුවේ මෙම සැකකරුවන් තිදෙනා අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.
අත්අඩංගුවට ගෙන ඇත්තේ, නීත්‍යනුකූල මුල් ලියාපදිංචියක් නොමැති වාහන 03ක් නීතිවිරෝධී ලෙස පැවරීම සඳහා දත්ත ඇතුළත් කිරීම, කවුළු අංක නිකුත් කිරීම සහ එම පැවරීමට අනුමැතිය ලබාදීම යන චෝදනා යටතේ හිටපු සංවර්ධන සහකාරවරයෙකු, හිටපු විමර්ශන සහකාරවරයෙකු සහ හිටපු සහකාර කොමසාරිස්වරයෙකු වේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

World News

Send your contact Details Today