Latest News

අමෙරිකානු සාම යෝජනාව ඉරානය ප්‍රතික්ෂේප කරයි – යුද්ධය නවත්වීමට කොන්දේසි 5ක්

Published 28 days ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

අමෙරිකා එක්සත් ජනපදය විසින් ඉදිරිපත් කළ සාම යෝජනාවකට ඉරානය සෘණාත්මක ප්‍රතිචාරයක් දක්වා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
යුද්ධය අවසන් කිරීම සිදුවිය යුත්තේ ටෙහෙරානය විසින් ඉදිරිපත් කරන කොන්දේසි සහ කාලසටහනට අනුව පමණක් බව ඉරාන රාජ්‍ය මාධ්‍ය වන Press TV උපුටා දක්වමින් වාර්තා කළේය.
ජ්‍යෙෂ්ඨ දේශපාලන හා ආරක්ෂක නිලධාරියෙකුගේ ප්‍රකාශයක් උපුටා දක්වමින් එම වාර්තාවේ සඳහන් වන්නේ, යුද්ධය නතර කිරීම සඳහා ඉරානය කොන්දේසි පහක් ඉදිරිපත් කර ඇති බවයි.
ඉරානය ඉදිරිපත් කළ කොන්දේසි 5
ආක්‍රමණ සහ ඉලක්කගත ඝාතන සම්පූර්ණයෙන්ම නතර කිරීම.
ඉරානයට එරෙහිව නැවත යුද්ධයක් සිදු නොවන බවට පැහැදිලි සහතිකයක් ලබාදීම.
යුද්ධයෙන් සිදු වූ හානි සඳහා නිශ්චිත වන්දි ගෙවීම.
කලාපයේ සියලු පෙරමුණු සහ ප්‍රතිරෝධී කණ්ඩායම් සම්බන්ධයෙන් යුද්ධය අවසන් කිරීම.
හෝමූස් සමුද්‍ර සන්ධිය පිළිබඳව ඉරානයට ඇති පරමාධිපත්‍ය අයිතිය ජාත්‍යන්තර වශයෙන් පිළිගැනීම.
මෙම කොන්දේසි පිළිබඳව ඉදිරි දිනවලදී තවදුරටත් රාජ්‍යතාන්ත්‍රික සාකච්ඡා පැවැත්වීමට නියමිත බව විදෙස් වාර්තා සඳහන් කරයි.

World News

Send your contact Details Today