වයස අවුරුදු 16 ට අඩු ළමුන්ට Energy Drinks තහනම් කිරීමට එක්සත් රාජධානිය සූදානම් වනවා.
අධික කැෆේන් අඩංගු පාන වර්ගවලින් දරුවන්ගේ සෞඛ්‍යයට වන හානිය සැලකිල්ලට ගනිමිනුයි මෙම තීරණය ගෙන ඇත්තේ.
නව නීතිය මඟින් වෙළඳසැල්, අවන්හල්, කැෆේ, Vending Machines සහ Online හරහා පාන වර්ග මිලදී ගැනීම තහනම් කරනු ඇති.
ඇතැම් Energy drinksවල කෝපි කෝප්ප දෙකකට අධික කැෆේන් අඩංගු වන අතර ඉන් ළමුන්ගේ නින්ද සහ හැසිරීමේ ගැටළු ඇති කරන බවයි සෞඛ්‍ය අංශ නිකුත් කළ වාර්තාවල දැක්වෙන්නේ.
UK රජය පවසන්නේ දිනකට ළමුන් 100,000 ක් අවම වශයෙන් කැෆේන් අඩංගු එක් ශක්තිජනක පානයක් පරිභෝජනය කරන බව පර්යේෂණවලින් පෙනී ගොස් ඇති බවයි.
වයස අවුරුදු 13 ත් 16 ත් අතර ළමුන්ගෙන් තුනෙන් එකක් දක්වා සහ වයස අවුරුදු 11 ත් 12 ත් අතර ළමුන්ගෙන් හතරෙන් එකක් පමණ සෑම සතියකම මෙම පාන වර්ග එකක් හෝ කිහිපයක් පානය කරනු ලබනවා.
යෝජිත නව නීතියෙන් Diet Coke, තේ සහ කෝපි වැනි අඩු කැෆේන් සහිත සිසිල් බීම අලෙවියට බලපෑමක් ඇති නොවන බවයි වාර්තා වන්නේ.