සරල කරන ලද එකතු කරන ලැබූ අගය මත අය කරන බදු ක්‍රමය හෙවත් “එස් වැට්” වෙනුවට සාම්ප්‍රදායික වැට් ක්‍රමය ලබන ඔක්තෝබර් මස 01 වන දින සිට ක්‍රියාත්මක කරන බව දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව පවසනවා.
එහි අවදානම් කළමණාකරණ අංශයේ කොමසාරිස් ප්‍රියංකා දිසා බණ්ඩාර මහත්මිය පැවසුවේ අන්තර්ජාතික අපනයනකරුවන් ඇතුලු ව්‍යාපාරිකයින් රැසක් රජයෙන් කරන ලද ඉල්ලීම මත නව තීරණය ක්‍රියාත්මක වන බවයි.