අමරිකාවේ කැපිටල් ගොඩනැගිල්ලට කඩාවැදි කැරලිකරුවන්ට සමාව ලබා දීමට ඩොනල්ඩ් ට්‍රම්ප් සුදානම් වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
අමරිකා ජනාධිපතිවරයා ලෙස තේරී පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා ඇත්තේ තමන් දිවුරුම් දීමෙන් පසු 2021 වසරේ සිදුවූ කැපිටල් කෝලාහලයට සම්බන්ධ වූවන්ට සමාව දෙන බවයි.
බලයට පත්වන පළමු දිනයේ දීම ඒ පිළිබඳ සොයා බලන බව ඔහු සඳහන් කර ඇති බවයි වාර්තා වන්නේ.
නොවැම්බර් මස පැවති මැතිවරණයෙන් ජයග්‍රහණය කිරීමෙන් පසු එන්බීසී රුපවාහිනිය සමග ඔහුගේ පළමු රුපවාහිනී සම්මුඛ සාකච්ඡාවේදී ට්‍රම්ප් මේ බව කියා සිටියා.
එමෙන්ම උපත මත ලබා දෙන ඇමරිකා පුරවැසිභාවය අවසන් කරන බවද ඔහු කියා සිටියා.
ට්‍රම්ප් ජනවාරි 20 වන දා දිවුරුම් දීමට නියමිතයි.