Latest News

ගුවන් මඟීයෙකුගේ ගමන් මල්ලකින් ‘කිඹුලෙකුගේ හිස් කබලක්’ මතුවෙයි

Published 2 years ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

කැනේඩියානු ජාතිකයෙකුගේ ගමන් මල්ලේ තිබී ‘කිඹුලෙකුගේ හිස් කබලක්’ හමුව ඇති පුවතක් ඉන්දියාවෙන් වාර්තා වනවා.

අදාළ 32 හැවිරිදි කැනේඩියානු ජාතිකයා, ඉන්දීය බලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ නවදිල්ලි ගුවන් තොටුපළේදී යි.

එම මාධ්‍ය වාර්තාවන්ට අනුව එම පුද්ගලයා ඉන්දීය අගනුවර සිට කැනඩාව බලා යමින් සිටියදී කරන ලද ගුවන්තොටුපළ (DEL) ආරක්ෂක පරීක්ෂාවකදීයි මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ.

කිඹුල් හිස් කබල එරට වනජීවී ආරක්ෂණ පනත යටතේ ආරක්ෂා කර ඇති විශේෂයකට අයත් බව සඳහන්.

ඒ අනුව අදාළ කැනේඩියානු ජාතිකයා වනජීවී නීතිය සහ රේගු පනත උල්ලංඝනය කර ඇති බවයි ඉන්දීය බලධාරීන් පෙන්වා දෙන්නේ.

මෙම සිදුවීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් දිල්ලි රේගුව ප්‍රකාශ කර තිබුණේ, රසායනාගාර පරීක්ෂණ සඳහා හිස් කබල ‘වන හා වනජීවී දෙපාර්තමේන්තුවට’ භාර දී ඇති බවයි.

වනජීවී වෙළඳාම නිරීක්ෂණය කරන රාජ්‍ය නොවන සංවිධානයක් වන TRAFFIC විසින් 2022 දී නිකුත් කරන ලද වාර්තාවකින් හෙළිව තිබුණේ, ඉන්දියාවේ ගුවන් සේවා අංශය වේගයෙන් වර්ධනය වනවාත් සමඟ ම ඉන්දියාව ප්‍රමුඛ කලාපය පුරා “වනජීවී ජාවාරම සඳහා ගුවන් තොටුපළ අනිසි ලෙස භාවිතා කිරීම” ද සිදු වන බවයි.

World News

Send your contact Details Today