Latest News

හසීනාගේ පළමු ප්‍රසිද්ධ කතාව ‘වෛරී’ කියා විකාශය තහනම් කරයි

Published 2 years ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

රටින් පන්නා දැමූ දා සිට කිසිදු ප්‍රකාශයක් නිකුත් නොකළ බංග්ලාදේශයේ හිටපු නායිකා ෂේක් හසීනා මුල්වරට නිව්යෝර්ක්හි පැවති උත්සවයකට තමන් සිටින තැන සඳහන් නොකර අන්තර්ජාලයෙන් එක්වෙමින් කතාවක් කර තිබුණා.

එසේ පැවැත්වූ ඇගේ පළමු ප්‍රසිද්ධ ඇමතුමේදී, සුළු ජාතීන් ආරක්ෂා නොකිරීම සම්බන්ධයෙන් වත්මන් අන්තර්වාර රජයට හසීනා දැඩි ලෙස විවේචනය කළා.

“මෙම සුළු ජාතීන්ට හිංසා කිරීම කුමක් සඳහාද? ඇයි ඔවුන්ට මෙතරම් කෲර ලෙස පහර දෙන්නේ?” ලෙසයි ඇය එහිදී පැවසුවේ.

බංග්ලාදේශ අධිකරණයක් බ්‍රහස්පතින්දා දින ෂේක් හසීනාගේ මෙම කතාව ‘වෛර කථනයක්’ ලෙස නම් කර එහි විකාශනය තහනම් කර තිබෙනවා.

හිටපු අගමැතිනිය අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුවක් නිකුත් කර ඇති ජාත්‍යන්තර අපරාධ විනිශ්චය සභාවද (ICT) බංග්ලාදේශය තුළ හසීනාගේ කතාව විකාශනය කිරීම තහනම් කර තිබෙනවා.

“ෂේක් හසීනාට එරෙහිව විනිශ්චය සභාව විසින් දැනට විමර්ශනය කරමින් පවතින නඩු කිහිපයක් තිබෙනවා,” යැයි නීතිපති ගොලාම් මොනාවර් හොසේන් තමීම් මාධ්‍යවේදීන්ට පැවසුවේ.

මෙම කතාවේදී ඇය මෙ‍සේ පවසනවා…

“අද මට ජන සංහාරය සම්බන්ධයෙන් චෝදනා එල්ල වෙනවා. සැබෑ තත්ත්වය නම් යුනුස් විසින් සූක්ෂම ලෙස සැලසුම් කළ ආකාරයෙන් ජන සංහාරයක නිරත වීමයි. හින්දු, බෞද්ධ, ක්‍රිස්තියානි – කිසිවෙකු ඉතිරි කර නැහැ. පල්ලි එකොළහක් බිම සමතලා කර තිබෙනවා, දේවාල සහ බෞද්ධ සිද්ධස්ථාන කඩා දමා තිබෙනවා. හින්දුවරු විරෝධය පෑ විට, ඉස්කොන් නායකයා අත්අඩංගුවට ගත්තා,”.

1975 දී තම පියා වන ෂේක් මුජිබුර් රෙහ්මාන් මිය ගිය ආකාරයටම ඇය සහ ඇගේ සහෝදරිය වන ෂේක් රෙහානා ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක්ද පවතින බව හිටපු අගමැතිනිය ප්‍රකාශ කළා.

“ඇගේ වෛර කථන ප්‍රචාරය කිරීම තහනම් කරන ලෙස අපි ඉල්ලා සිටියේ එය නීතිමය ක්‍රියාදාමයට බාධා කිරීමට හෝ සාක්ෂිකරුවන්ට සහ වින්දිතයන්ට බිය ගැන්වීමට හේතු විය හැකි නිසා,” ලෙසයි ICT තහනම ක්‍රියාත්මක කිරීමට එකඟ වූ බව තහවුරු කරමින් නීතිපතිවරයා පැවසුවේ.

“ඇගේ කතා දිගටම සංසරණය වුවහොත්, සාක්ෂිකරුවන් විනිශ්චය සභාව වෙත ගෙන ඒම අපහසු වනු ඇති” බවත් ඔහු සඳහන් කරනවා.

කෙසේ වෙතත්, හසීනාගේ කවර කතා කොටස වෛරී ලෙස නම් කරන්නේද යන්න අධිකරණය පැහැදිලි කර නැහැ.

World News

Send your contact Details Today