Latest News

“හමා” නගරයත් සිරියා කැරළිකරුවන් අතට

Published 2 years ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

සිරියා කැරළිකරුවන් එරට තවත් ප්‍රධාන පෙළේ නගරයක බලය අත්පත් කර ගෙන තිබෙනවා.

ඒ අනුව සිරියා කැරළිකරුවන් “හමා” නගරයේ බලය අත්පත්කරගෙන ඇති අතර ඔවුන්ගේ බලයට නතුවූ දෙවන විශාලතම නගරය මෙයයි.

පසුගිය සතියේදී ඔවුන්ට ඇලෙප්පෝ නගරයේ බලය තහවුරු කර ගැනීමත් සමග රජයේ හමුදා තම භට කණ්ඩ ඉවත් කර ගනිමින් පසුබැස්සා.

මෙය සිරියා ජනාධිපති බෂාර් අල් අසාද්ට හිමිවූ තවත් දරුණු පරාජයක් ලෙසයි විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ.

නගරයේ බලය තහවුරු කර ගැනීම සම්බන්ධයෙන් අදහස් පළ කරමින් කැරළිකරුවන්ගේ නායකයා ලෙස සැලකෙන අබු මොහොමඩ් අල් ජවුලානි සඳහන් කරන්නේ මෙය ජයග්‍රහණයක් මිස පළිගැනීමක් නොවන බවයි.

කෙසේ වුවද නගරයෙන් පිටත සම්පූර්ණ බලය තමන් සතු බව රජයේ හමුදා පවසනවා.

World News

Send your contact Details Today