Latest News

ඉන්දියාවේ ප්‍රදේශ රැසක ජනතාව ශීත කාලගුණයෙන් දැඩි පීඩාවට

Published 2 years ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ඉන්දියාවේ, ජම්මු, කාෂ්මීර හා ලඩාක් ප්‍රදේශයන්හි ජනතාව අධික ශීත කාලගුණයෙන් දැඩි පීඩාවට පත්ව සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

අද (06) උදෑසන ශ්‍රීනගර් ප්‍රදේශයේ උෂ්ණත්වය වාර්තා වූයේ සෙල්සියස් අංශක සෘණ 4.1ක් ලෙසයි.

ලඩාක් ප්‍රදේශයේ ඇතැම් ස්ථානයන්හි උෂ්ණත්වය සෙල්සියස් අංශක සෘණ 10ක් ලෙස සටහන් වූ අතර සොජීලා හි උෂ්ණත්වය සෙල්සියස් අංශක සෘණ 18ක් ලෙසයි සටහන්ව ඇත්තේ.

අධික ශීත කාලගුණය හේතුවෙන් ජල මූලාශ්‍ර මීදීමට ලක්ව ඇති බවද වාර්තා වනවා.

හෙට දිනයෙන් පසු උෂ්ණත්වය තවත් පහළ යා හැකි බවටද කාලගුණ අංශ අනතුරු අඟවනවා.

එමෙන්ම ජම්බු ප්‍රදේශයේ ඇතැම් ස්ථානයන්ට වර්ෂාවෙන් බලපෑම් එල්ලවිය හැකි බවටයි ඔවුන් අනාවැකි පළ කරන්නේ.

World News

Send your contact Details Today