Latest News

කැලිෆෝනියා වෙරළ තීරයේ ප්‍රබල භූ කම්පනයක්

Published 2 years ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

උතුරු කැලිෆෝනියාවේ වෙරළට ඔබ්බෙන් ප්‍රබල භූ කම්පනයක් හටගෙන තිබෙනවා.

එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ වාර්තාවන්ට අනුව එහි ප්‍රබලත්වය රිච්ටර් මාපක 7.0 ක්.

මෙම තත්ත්වය හමුවේ මිලියන 4.7 ක පමණ ජනතාවක් ඇතුළත් ප්‍රදේශයක් වන උතුරු කැලිෆෝනියාවේ සහ දකුණු ඔරිගන් හි වෙරළ තීරයේ සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කරන ලද නමුත් පසුව එය අවලංගු කරන ලද බව සඳහන්.

විදෙස් වාර්තාවන්ට අනුව භූමිකම්පාවෙන් කිසිදු මරණයක් හෝ විශාල පුලුල් හානියක් වාර්තා වී නැහැ.

ව්‍යසනකාරී විනාශයක් සිදුවී නොමැති නමුත් ඇතැම් නිවාසවලට සුළු හානි වාර්තා වී ඇති අතර විදුලිය විසන්ධි වීම් ද වාර්තා වුණු බව සඳහන්.

World News

Send your contact Details Today