Latest News

ඊශ්‍රායල ප්‍රහාරවලින් ගාසා තීරයේ තවත් 20ක් ජීවිතක්ෂයට

Published 2 years ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ඊශ්‍රායලය ගාසා තීරයේ අල්-මාවාසි නගරයට බෝම්බ හෙලීමෙන් කාන්තාවන්, ළමයින් ඇතුළු 20 දෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා.

එමෙන්ම ඊශ්‍රායල හමුදා නැවතත් ගාසා හි අල්-මාවාසි හි ආරක්ෂිත කලාපය වෙත බෝම්බ හෙලූ අතර පුද්ගලයින් 20 දෙනෙකු මිය ගොස් තිබෙනවා.

තවත් විශාල පිරිසකට තුවාල සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා පැවසුවේ.

මෙම ප්‍රහාරයෙන් කාන්තාවන් සහ ළමයින් බොහෝ පිරිසකට පිළිස්සුම් තුවාල සිදුව තිබෙනවා.

හිස්බුල්ලා සංවිධානය සමඟ සටන් විරාම ගිවිසුම නොතකා ඊශ්‍රායල හමුදා දකුණු ලෙබනනය වෙත ගුවන් ප්‍රහාර දිගටම එල්ල කරමින් සිටිනවා.

පසුගිය වසරේ ඔක්තෝබර් 7වනදා සිට ඊශ්‍රායල ප්‍රහාර වලින් පලස්තීනුවන් 44,532 ක් මියගොස් තිබෙනවා.

World News

Send your contact Details Today