Latest News

චීන වසන්ත උත්සවය, යුනෙස්කෝ සංස්කෘතික උරුම ලැයිස්තුවට

Published 2 years ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

චීන වසන්ත උත්සවය යුනෙස්කෝ සංවිධානයේ ද්‍රව්‍යාත්මක නොවන සංස්කෘතික උරුම ලැයිස්තුවට ඇතුළත් කර තිබෙනවා.

පැරගුවේ හි පැවැත්වෙන ද්‍රව්‍යාත්මක නොව සංස්කෘතික උරුම ආරක්ෂා කිරීම පිළිබඳ අන්තර් ආණ්ඩු කමිටුවේ 19 වන සැසිවාරයේ දී මෙම තීරණය ගෙන තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා පැවසුවේ.

වසන්ත උත්සවය හා බැඳුණු පුළුල් චාරිත්‍ර වාරිත්‍ර සමස්ත චීන සමාජයම සම්බන්ධ වන අද්විතීය සංස්කෘතික අංගයන් ලෙසට කමිටුව විසින් පිළිගෙන තිබෙනවා.

වසන්ත උත්සවයෙන් චීන සාම්ප්‍රදායික චන්ද්‍ර මාස නව වසරේ උදාව සනිටුහන් කෙරෙනවා.

සමාජ භාවිතයන් ද ඇතුළත් වන එයට වාසනාව හා පවුල යළි එකතුවීමේ ප්‍රාර්ථනාවන් ද අන්තර්ගත‍යි.

වසන්ත උත්සවයේ දී වැඩිහි‍ටි පුද්ගලයන් වෙනුවෙන් සහ ප්‍රජාවන් විසින් සංවිධාන කෙරෙන විවිධ පොදු ක්‍රියාකාරකම් ද යුනෙස්කෝ සංවිධානයේ විශේෂ අවධානයට ලක්ව තිබෙනවා.

මානවයා හා සමාජය අතර සුසංගතභාව‍ය මෙම උත්සවය තුළින් උද්දීපනය වීම ද එම අන්තර් ආණ්ඩු කමිටුව විශේෂයෙන් පෙන්වා දී තිබෙනවා.

එය ආහාර ආරක්ෂාව හා අධ්‍යාපනය වැනි අංශවල යහපත් සංවර්ධනයට ද දායකවන්නක් වනවා.

පරිසරය පිළිබඳ පවතින අවධානය ඉහළ නැංවීමට ද එමගින් ප්‍රමුඛ මෙහෙවරක් ඉටු කෙරෙන බව යුනෙස්කෝ සංවිධානයේ අදහසයි.

World News

Send your contact Details Today