Latest News

ඉලෝන් මස්ක්ගේ වේතන පැකේජය ගෙවීම ඩෙලවෙයාර් අධිකරණය මඟින් යළිත් වළක්වයි

Published 2 years ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ටෙස්ලා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි ඉලෝන් මස්ක්ට වාර්තාගත අමෙරිකානු ඩොලර් බිලියන 56ක වේතන පැකේජය ගෙවීම ඩෙලවෙයාර් අධිකරණය මඟින් යළිත් වළක්වා තිබෙනවා.

ඒ ඊට ටෙස්ලා සමාගමේ කොටස් හිමියන් සහ අධ්‍යක්ෂ මණ්ඩලය අනුමැතිය ලබාදී තිබූ පසුබිමකයි.

මීට පෙර ඩෙලවෙයාර් අධිකරණය මෙය වළක්වනු ලැබුවේ ඉලෝන් මස්ක් විසින් මෙම වේතන පැකේජය ලබාගැනීම සඳහා අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින්ට දැඩි බලපෑම් එල්ල කර ඇති බව පවසමින්.

මේ තීන්දුව සම්බන්ධයෙන් මස්ක් X සටහනක් තබමින් ප්‍රකාශ කර ඇත්තේ ”සමාගමක් පාලනය කරනු ලබන්නේ කොටස් හිමියන් මිස විනිසුරුවරුන් නොවන බවයි”.

මෙම තීන්දුවට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කරන බවද ටෙස්ලා සමාගම පවසා තිබෙනවා.

World News

Send your contact Details Today