Latest News

ලෝක ප්‍රකට ගායක, එල්ටන් ජෝන්ට දරුණු අක්ෂි ආසාදනයක්

Published 2 years ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

තමාට ඇස් පෙනීම අහිමිව ඇති බව, ලෝක ප්‍රකට ගායක එල්ටන් ජෝන් පවසනවා.

‘දරුණු අක්ෂි ආසාදනයකින් මාස කිහිපයකට පසුවත්’ තමාට තවමත් පෙනීම නොමැති බවයි ඔහු සඳහන් කරන්නේ.

පසුගියදා ලන්ඩනයේ පැවති සංගීත සංදර්ශනයකදී මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු, සිය සහකරු වන ඩේවිඩ් ෆර්නිෂ්ට ද ස්තූතිවන්ත වී තිබුණා.

එමෙන්ම පෙනීම දුර්වල වුවද, තමන් ඇසීමට ප්‍රිය කරන බවයි එල්ටන් ජෝන් එහිදී සඳහන් කර තිබුණේ.

77 හැවිරිදි ඔහු, සිය පෙනීමේ ගැටලුව පිළිබඳව ප්‍රථම වරට ප්‍රසිද්ධියේ සඳහන් කළේ සැප්තැම්බර් මාසයේදී යි.

ඒ ඔහු, “අවාසනාවකට මම, එක් ඇසක සීමිත පෙනීමක් පමණක් ඉතිරි කර ඇති දරුණු අක්ෂි ආසාදනයක් සමඟ කටයුතු කරමින් සිටියි” යන්නෙන් ඉන්ස්ටග්‍රෑම් සටහනක් තබමින්.

World News

Send your contact Details Today