Latest News

World Friendship Games කල් දැමීමට පුටින් නියෝග කරයි

Published 2 years ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ලෝක මිත්‍රත්ත්ව ක්‍රීඩා උලෙළ (World Friendship Games) කල් දමා තිබෙනවා.

ඒ රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින්ගේ නියෝගයකින් බවයි විදෙස් මාධ්‍ය වාර්තා පැවසුවේ.

යුක්‍රේනය සහ රුසියාව අතර පවතින යුද ගැටුම් මෙන්ම යුක්‍රේනයේ ඇතැම් ප්‍රකාශ රුසියානු ජනාධිපතිවරයාගේ මෙම තීරණයට බලපෑ ඇති බවයි එම මාධ්‍ය වාර්තා කළේ.

ඊයේ රුසියානු ක්‍රෙම්ලිනය ජනපති පුටින්ගේ නියෝගය ගෙනහැර දක්වමින් 2025 වසරේ දී ද එය පැවැත්වීම සම්බන්ධයෙන් මෙතෙක් නිල වශයෙන් ප්‍රකාශයක් නිකුත් කර නැහැ.

මෙම වසරේ සැප්තැම්බරයේ යෙකටරින්බර්ග් හි දී ද මෙම ක්‍රීඩා උලෙළ පැවැත්වීමට දින නියම වී තිබුණ ද එය රුසියානු – යුක්‍රේන ගැටුම් මධ්‍යයේ කල් දැමීම සිදු කෙරුණා.

මේ සම්බන්ධයෙන් යුක්‍රේනය පවසා ඇත්තේ රුසියාව මෙම ක්‍රීඩා උලෙළට සත්කාරකත්වය දීමෙන් බලාපොරොත්තු වන්නේ ප්‍රචාරණයක් බවයි.

පැරිස් ඔලිම්පික් තරගයට ද රුසියානු ක්‍රියාකලාපය හේතුවෙන් එරට ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට අවස්ථාවක් හිමිවුණේ නැහැ.

ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව (IOC) මිත්‍රත්ව ක්‍රීඩා රාජ්‍යයන්ගෙන් ඉල්ලා සිටියේ “ක්‍රීඩාව දේශපාලනීකරණය කිරීමේ නරුම උත්සාහයක්” ලෙස රුසියානු තීන්දු සලකා ඇති බවත් කිසිදු රටක් ඔවුන්ගේ ඇරයුම් පිළිනොගන්නා ලෙසයි.

සමහර සමාජවාදී රටවල් ලොස් ඇන්ජලීස් ඔලිම්පික් උලෙළ වර්ජනය කරමින් 1980 ගණන්වල සෝවියට් සංගමයේ පැවති මිත්‍රත්ව ක්‍රීඩා උලෙළ නැවත ගෙන එන බවයි රුසියාව පසුගිය වසරේ ප්‍රකාශ කළේ.

World News

Send your contact Details Today