Latest News

ඊශ්‍රායල හමුදා ලෙබනනයට එල්ල කළ ප්‍රහාරවලින් 11 දෙනෙකු මරුට

Published 2 years ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

සටන් විරාමය අතරතුර ඊශ්‍රායල හමුදා විසින් ලෙබනනයට එල්ල කළ ප්‍රහාරවලින් 11 දෙනෙකු මිය ගොස් තිබෙනවා.

ඒ අනුව ඊශ්‍රායල හමුදා සහ හිස්බුල්ලා සටන්කාමීන් අතර ලෙබනනයේ දරුණු ගැටුම් හට ගෙන තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

දකුණු ලෙබනනයේ පැවති ගැටුම් අතරතුර 11 දෙනෙකු මෙලෙස මිය ගොස් ඇති බවද සඳහන්

මේ අතර ඊශ්‍රායල හමුදා ගාසා තීරයේ ඛාන් යුනිස් ප්‍රදේශයේ පලස්තීනුවන්ට බලහත්කාරයෙන් ඉවත් වන ලෙසට නියෝග ද නිකුත් කර තිබෙනවා.

ඒ මධ්‍යම හා උතුරු ගාසා තීරයට එල්ල කළ ප්‍රහාරවලින් 9 දෙනෙකු මිය යාමත් සමගයි.

පසුගිය වසරේ ඔක්තෝබර් 7 වනදා සිට මේ දක්වා ඊශ්‍රායල ප්‍රහාරවලින් පලස්තීන ජාතිකයන් 44,466 දෙනෙකු මිය ගොස් තිබෙනවා.

එමෙන්ම ලෙබනනයේ මිය ගිය සංඛ්‍යාව 3,961ක්.

World News

Send your contact Details Today