Latest News

රුසියාවේ අයවැයෙන් වාර්තාගත ආරක්ෂක වියදමක් පුටින් අනුමත කරයි

Published 2 years ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

රුසියානු ජනාධිපති ව්ලැඩ්මීර් පුටින් විසින් වාර්තාගත ආරක්ෂක අයවැයක් අනුමත කර තිබෙනවා.

ප්‍රකාශයට පත් කරන ලද 2025 සඳහා වන අයවැය අනුව ජාතික ආරක්ෂාව සඳහා ඩොලර් බිලියන 126 (රූබල් ට්‍රිලියන 13.5) පමණ වෙන් කර ඇති අතර එය රජයේ වියදම්වලින් 32.5% ක් බව සඳහන්.

මේ වසරේ ආරක්ෂක අයවැය පෙර වසරවලට වඩා ඩොලර් බිලියන 28 (රූබල් ට්‍රිලියන තුනක්) පමණ වැඩි බවයි විදෙස් වාර්තා පවසන්නේ.

ජනපති පුටින් ඉදිරිපත් කළ මෙම නව අයවැයට රුසියානු පාර්ලිමේන්තුවේ සභා දෙකේම නීති සම්පාදකයින්ගේ අනුමැතිය ලැබී තිබෙනවා.

යුක්‍රේනයේ යුද්ධය වසර තුනකට ආසන්න කාලයක් පුරා පැවතී ඇති අතර මේ වනවිට දෙපාර්ශ්වයේම සම්පත් හිඟවෙමින් යන බවයි විචාරකයන් පවසන්නේ.

යුක්‍රේන රුසියා යුද්ධය දෙවන ලෝක යුද්ධයෙන් පසු යුරෝපයේ පවතින විශාලතම ගැටුමවන අතර, රුසියාව දැනට ඉදිරි පෙළේ ප්‍රධාන ස්ථානවල ජයග්‍රහණ ලබා ගනිමින් සිටිනවා.

World News

Send your contact Details Today