Latest News

ඔත්තු බැලීමේ වරදට ප්‍රසිද්ධ මාධ්‍යවේදියෙකුට හත් වසරක් සිරදඬුවම්

Published 2 years ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

චීනයේ ප්‍රසිද්ධ මාධ්‍යවේදියෙකු වන Dong Yuyu ව පොලිස් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව ඔහුට වසර 07ක සිර දඬුවම් නියම වී තිබෙනවා.

මෙම සැකකාර චීන මාධ්‍යවේදියා විසින් 2022 වසරේ පෙබරවාරි මාසයේ දී අවන්හලක දී ජපන් රාජ්‍ය තාන්ත්‍රිකයෙකු වූ Hideo Tarumi හමු වූ අවස්ථාවේ දී මෙලෙස ඔත්තු බලා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මෙය බරපතළ වරදක් බවත් බීජිං අධිකරණයේ දී හෙළි ව තිබෙනවා.

විස්තර විචාරකයෙකු සහ කර්තෘවරයෙකු වන Dong Yuyu 2022 වර්ෂයේ සිට මේ දක්වා සිටියේ පොලිස් සිර භාරයේයි.

චීන රජය සතු ප්‍රවෘත්ති ජාලා 05න් එකක් වන Guangming Daily නියෝජ්‍ය කර්තෘවරයා ලෙසට මෙම සැකකාර මාධ්‍යවේදියා කටයුතු කළා.

World News

Send your contact Details Today