Latest News

ලිංගික ශ්‍රමිකයින්ටත් මාතෘ නිවාඩු සහ විශ්‍රාම වැටුප් නීතිය සම්මත කළ පළමු රට බවට බෙල්ජියම පත්වෙයි

Published 2 years ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ලිංගික ශ්‍රමිකයින්ටත් මාතෘ නිවාඩු සහ විශ්‍රාම වැටුප් අනුමත කළ පළමු රට බවට බෙල්ජියම පත්ව තිබෙනවා.

බෙල්ජියමේ මෙම නව නීතියක් යටතේ ලිංගික ශ්‍රමිකයින්ට නිල රැකියා කොන්ත්‍රාත්තු, සෞඛ්‍ය රක්ෂණය, විශ්‍රාම වැටුප්, මාතෘ නිවාඩු සහ අසනීප දින සඳහා නිවාඩු හිමිකම් හිමිවන බව සඳහන්.

මේ අනුව වෙනත් ඕනෑම රැකියාවක් මෙන් බෙල්ජියම ලිංගික ශ්‍රමිකයින්ට සලකන බවයි විදෙස් වාර්තා පවසන්නේ.

මෙම නව නීතිය පිළිබඳව අදහස් දක්වමින් ලිංගික ශ්‍රමිකයන් පවසන්නේ එමගින් ඔවුන්ටත් මිනිසුන් ලෙස සිටීමට අවස්ථාවක් ලැබෙන බවයි.

ලොව පුරා මිලියන ගණනක් ලිංගික ශ්‍රමිකයන් සිටින අතර 2022 දී තරම් මෑත කාලයේදීත් බෙල්ජියමේ ලිංගික වෘත්තිය තහනම් වූවක්.

කෙසේ වෙතත් ජර්මනිය, ග්‍රීසිය, නෙදර්ලන්තය සහ තුර්කිය ඇතුළු රටවල් කිහිපයක මෙය නීත්‍යානුකූලවන අතර නමුත් රැකියා අයිතීන් සහ කොන්ත්‍රාත්තු ස්ථාපිත කිරීම අනුමත කළ ලොව පළමු රට වන්නේ බෙල්ජියමයි.

මෙය රැඩිකල් පියවරක්වන අතර එය ලෝකයේ ඕනෑම තැනක මෙතෙක් දැක ඇති හොඳම පියවර බව හියුමන් රයිට්ස් වොච් හි පර්යේෂකයෙකු පවසා තිබෙනවා. ලොව සෑම රටක්ම එම දිශාවට ගමන් කිරීම අවශ්‍ය බවයි ඔවුන් පවසන්නේ.

World News

Send your contact Details Today