Latest News

ඊශ්‍රායල ප්‍රහාරයක් නිසා ගාසා තීරයේ 47ක් මියයයි

Published 2 years ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ගාසා තීරයේ අල් – මාවාසි ප්‍රදේශයට ඊශ්‍රායලය එල්ල කරන ලද ප්‍රහාරයකින් පුද්ගලයින් 47 දෙනෙකු මියගොස්, තවත් පුද්ගලයින් 108 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

ඒ අතර කුඩා ළමයින් ද වන බවයි විදෙස් මාධ්‍ය සදහන් කළේ.

ගාසා තීරයෙහි යුධ ගැටුම් ආරම්භ වූ දා සිට ඊශ්‍රායල ප්‍රහාරවලින් පුද්ගලයන් 3,961 ක් මියගොස්, 16,520 ක් තුවාල ලබා තිබෙනවා.

ඊශ්‍රායලය සහ හිස්බුල්ලා සංවිධානය අතර සටන් විරාමයක් ප්‍රකාශයට පත් කර තිබුණ ද ඊශ්‍රායලය විසින් එය උල්ලංඝනය කරමින් ප්‍රහාර දිගටම එල්ල කරන බවටයි හමාස් සටන්කාමීන් චෝදනා කළේ.

කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් නව ගිවිසුමකට එළඹිම සදහා හමාස් දූත පිරිසක් කයිරෝ නුවර වෙත පැමිණ සිටින බවද විදෙස් මාධ්‍ය සඳහන් කළා.

World News

Send your contact Details Today