Latest News

මැලේසියාවට හා තායිලන්තයටත් ගංවතුර බලපෑම්

Published 2 years ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

දශක ගණනාවකට පසු මැලේසියාවට සහ තායිලන්තයට බලපෑ අධිකතම වර්ෂාපතනය හේතුවෙන් උද්ගත වූ ගංවතුරට හසුවීමෙන් පුද්ගලයන් 12 දෙනකු ජීවිතක්ෂයට පත්වී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

උතුරු මැලේසියාවේ සහ දකුණු තායිලන්තයේ ලක්ෂයකට වැඩි ජනතාව අවදානම් පළාත්වලින් ඉවත් කර ඇති අතර, තද වැසි සහ කුණාටු තත්ත්වය පිළිබඳ අනතුරු ඇඟවීම් ක්‍රියාත්මක කර තිබෙන බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේ.

අවතැන් වූ ජනතාව මුදා ගැනීම සඳහා හදිසි සේවා නිලධාරීන් විශාල සංඛ්‍යාවක් යොදවා සිටින බව ද වාර්තා වනවා.

දෙරටේම නිවාස රැසක් ජලයෙන් යටවී ඇති බවත්, රෝහල් කිහිපයකට ගංවතුර තත්ත්වයෙන් බලපෑම් එල්ල වී ඇති බවත් විදෙස් මාධ්‍ය සඳහන් කළා.

ගංවතුර හේතුවෙන් තායිලන්තයේ පළාත් 6ක ආපදා තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබෙන බව ද වාර්තා වනවා.

World News

Send your contact Details Today