Latest News

ස්පාඤ්ඤයේ, වැලෙන්සියාහි ජනතාව විරෝධතාවක

Published 2 years ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ස්පාඤ්ඤයේ වැලෙන්සියා ප්‍රාන්තයට බලපෑ දරුණු ජලගැලීම් ආපදා තත්ත්වය පිළිබඳව නිසි කාලයේ දී පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් නොකළ බවට ජනතාව බලධාරීන්ට චෝදනා කරමින් එරට ජනතාව විරෝධතාවයේ නිරත වී තිබෙනවා.

අදාළ බලධාරීන් ධුරයෙන් ඉවත්විය යුතු බවයි විරෝධතාකරුවන් අවධාරණය කරන්නේ.

ස්පාඤ්ඤයේ වැලෙන්සියා ප්‍රාන්තයෙන් දරුණු ජලගැලීම් ආපදාවක් වාර්තා වුණේ පසුගිය ඔක්තෝබර් මාසයේ අග භාගයේ දීයී.

ඉන් පුද්ගලයින් 220 ඉක්මවූ පිරිසක් මියගියා.

විරෝධතාකරුවන් අවධාරණය කරන්නේ ප්‍රාන්ත ප්‍රධානියා ඉල්ලා අස්විය යුතු බවයි.

කෙසේවෙතත් ප්‍රාන්ත ප්‍රධානියා තමන්ට එල්ලවන චෝදනා පිළිගත්තත් ඔහු ධුරයෙන් ඉල්ලා අස්වීම ප්‍රතික්ෂේප කර සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

World News

Send your contact Details Today