Latest News

ටෙස්ලා මෝටර් රථ අනතුරකින් තිදෙනෙකු ජිවිතක්ෂයට (VIDEO)

Published 2 years ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

කැලිෆෝනියාවේ මෝටර් රථ අනතුරකින් විශ්ව විද්‍යාලයක දෙවන වසරේ ඉගෙනුම ලැබූ සිසුන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මෙසේ අනතුරට ලක්ව ඇත්තේ, ටෙස්ලා මෝටර් රථයක් බවයි මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ.

අධික වේගයෙන් පැමිණි රථය මාර්ගය අසල තිබූ ගසක ගැටී ගිනිගැනීමකට ලක්වී මෙසේ අනතුරට පත්ව ඇති බවයි වාර්තා වෙන්නේ.

අනතුර සිදුවන අවස්ථාවේදී මෝටර් රථයේ සිව් දෙනෙකු ගමන් කර ඇති අතර, ඔවුන් සාදයකට සහභාගී වී නිවෙස්වලට යන අවස්ථාවේදී අනතුර සිදු වී තිබෙනවා.

එක් සිසුවෙක් බරපතල පිලිස්සුම් තුවාල සහිතව සිට බේරාගෙන ඇති අතර, ඔහු මේ වනවිට දැඩි සත්කාර සිටින බවටයි සඳහන් වෙන්නේ.

මෙසේ අනතුරට ලක්ව ඇත්තේ, 19 හැවිරිදි වියේ පසුවූ Soren Dixon, Jack Nelson සහ Krysta Tsukahara යන තිදෙනායි.

World News

Send your contact Details Today