Latest News

කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ නව පීඨාධිපතිවරයා ලෙස ශ්‍රී ලාංකිකයෙකු පත් කරයි

Published 2 years ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ කේම්බ්‍රිජ් විනිශ්චයකාර ව්‍යාපාරික පාසලේ නව පීඨාධිපතිවරයා ලෙස ශ්‍රී ලාංකිකයෙකු වන මහාචාර්ය ගිෂාන් දිසානායක නම්කර තිබෙනවා.

ඒ අනුව, ඔහු හෙට (01) දිනයේදී එම පීඨාධිපති ධුරයේ පත්වීම භාර ගැනීමට නියමිත බවයි වාර්තා වන්නේ.

මහාචාර්ය ගිෂාන් දිසානායක මූල්‍ය ආර්ථික විද්‍යාඥයෙක් වන අතර, කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ ආයතනික පාලනය පිළිබඳ ඇඩම් ස්මිත් මහාචාර්ය ධුරය දරනු ලබනවා.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් සිය ශාස්ත්‍රවේදී උපාධිය ලබාගෙන ඇති ඔහු, මහනුවර ත්‍රිත්ව විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙක්.

ශාස්ත්‍රවේදී උපාධියෙන් අනතුරුව කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා පීඨයට සහ ත්‍රිත්ව විද්‍යාලයට ඇතුළත් වූ ඔහු එහිදී ආර්ථික විද්‍යාව පිළිබඳ දර්ශනපති සහ ආචාර්ය උපාධිය සම්පූර්ණ කර තිබෙනවා.

මෙහිදී, පසුගිය වසර 30 තුළ කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලය විසින් ව්‍යාපාරික පාසලේ පීඨාධිපති ධූරයට අභ්‍යන්තර අපේක්ෂකයෙකු තෝරා ගත් පළමු අවස්ථාව මෙයයි.

World News

Send your contact Details Today