Latest News

ජොෂ් හේසල්වුඩ් ඉන්දියාව සමඟ දෙවන ටෙස්ට් තරගයෙන් ඉවතට

Published 2 years ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

සංචාරක ඉන්දීය කණ්ඩායම සමඟ පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයෙන් ඕස්ට්‍රේලියානු වේගපන්දු යවන ක්‍රීඩක ජොෂ් හේසල්වුඩ් ඉවත්කර තිබෙනවා.

ආබාධයක් හේතුවෙන් ඔහුව තරගයෙන් ඉවත්කර ඇති අතර, ෂෝන් ඇබට් සහ බ්‍රෙන්ඩන් ඩොගට් ඕස්ට්‍රේලියානු සංචිතයට කැඳවා ඇති බවයි වාර්තා වුණේ.

කෙසේ වෙතත් ජොෂ් තව දුරටත් ඕස්ට්‍රේලියානු සංචිතය තුළ රැඳී සිටින බවයි ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියා.

ජොෂ් හේසල්වුඩ් ඉන්දියාව සමඟ පළමු ටෙස්ට් තරගයේ දී ලකුණු 57කට ඉන්දීය කඩුලු 05ක් දවා ගත්තා.

ඉන්දීය කණ්ඩායම සහ ඕස්ට්‍රේලියාව අතර තරග පහකින් සමන්විත ටෙස්ට් තරගාවලියේ දෙවන තරග අද පර්ත් හිදී දිවා රාත්‍රී තරගයක් ලෙස පැවැත්වෙනවා.

World News

Send your contact Details Today