Latest News

ඉන්දියාවේ ගුවන් සේවා හා ගුවන්තොටුපොලවලට ව්‍යාජ බෝම්බ තර්ජන රැසක්

Published 2 years ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

පසුගිය නොවැම්බර් 14 වනදා වන විට ඉන්දියාවේ ගුවන් සේවා හා ගුවන්තොටුපොලවලට ව්‍යාජ බෝම්බ තර්ජන 999ක් ලැබී ඇති බව එරට නියෝජ්‍ය සිවිල් ගුවන්සේවා අමාත්‍යවරයා පවසනවා.

මෙය පසුගිය වසරේ ලැබුණු තර්ජනවලට වඩා දස ගුණයක වැඩිවීමක් බවයි ඉන්දීය පාර්ලිමේන්තුව අමතමින් එරට නියෝජ්‍ය සිවිල් ගුවන් සේවා අමාත්‍ය මුරලිදර් මොහොල් තවදුරටත් පැවසුවේ.

මෙම තර්ජනවලින් 500කට වැඩි ප්‍රමාණයක් ලැබී තිබුණේ ඔක්තෝම්බර් මස අවසන් සති දෙක තුළ වීම විශේෂත්වයක්.

මේ සියල්ලම අසත්‍ය තර්ජන වූ අතර එම සිද්ධීන් සම්බන්ධයෙන් 12 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

World News

Send your contact Details Today