Latest News

සහයෝගයෙන් කටයුතු කරන ලෙස ස්වීඩනය, චීනයෙන් ඉල්ලයි

Published 2 years ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

බෝල්ටික් මුහුදේ කේබල් දෙකකට හානි සිදු කිරීමේ සිද්ධියක් සම්බන්ධ පරීක්ෂණයක් සඳහා සහයෝගයෙන් කටයුතු කරන ලෙස ස්වීඩනය, චීනයෙන් ඉල්ලා සිටිනවා.

මෙසේ විනාශ කර ඇති එක් කේබලයක් ස්වීඩනය ලිතුවේනියාවට සම්බන්ධ කරන ලද්දක්.

අනික පින්ලන්තය ජර්මනියට සම්බන්ධ කරන කේබලයක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

පසුගිය 17 සහ 18 යන දින වල බෝල්ටික් මුහුදේ ස්වීඩනයට අයත් මුහුදු තීරයේදී මෙම කේබල් දෙකට හානි සිදුකර තිබුණා.

එම දිනවල චීන නෞකාවක් එම ප්‍රදේශයට ඔබ්බෙන් ජාත්‍යන්තර මුහුදේ නැංගුරම්ලා තිබූ බවට හෙළිව තිබෙනවා.

කෙසේ වෙතත් මෙම කඩාකප්පල්කාරී ක්‍රියාවට සම්බන්ධ වූ බවට කෙරෙන චෝදනා චීනය ප්‍රතික්ෂේක කරනවා.

World News

Send your contact Details Today