Latest News

රුසියාව විසින් යුක්‍රේනයේ බලශක්ති ජාලයට දැවැන්ත මිසයිල ප්‍රහාරයක්

Published 2 years ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

රුසියාව විසින් යුක්‍රේනයේ බලශක්ති ජාලයට ‘දැවැන්ත’ මිසයිල ප්‍රහාරයක් එල්ල කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඒ අනුව යුක්‍රේනයේ බලශක්ති යටිතල ව්‍යුහයට දැවැන්ත මිසයිල ප්‍රහාරයක් දියත් කර ඇති බවයි යුක්‍රේනයේ බලශක්ති අමාත්‍යවරයා පවසන්නේ.

හර්මන් හලුෂ්චෙන්කෝ පවසන්නේ, හදිසි විදුලිය ඇණහිටීම් රට පුරා නගර කිහිපයකින් වාර්තා වන බවයි.

එමෙන්ම පිපිරීම් කිහිපයක් ද වාර්තා වුණ බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා.

අද අලුයම යුක්‍රේනයේ ගුවන් හමුදාව මිසයිල අනතුරු ඇඟවීම් රටපුරා නිකුත් කර තිබුණා.

මෙය මේ මාසයේ රටේ බලශක්ති පද්ධතියට එල්ල වූ දෙවන ප්‍රහාරයයි.

ඉන් සිදුවූ හානි පිළිබඳ යුක්‍රේනය මෙතෙක් හෙළි කර නැහැ.

World News

Send your contact Details Today