රුසියාව විසින් තමන් සතු ප්‍රබල මිසයිල තොගයක් යුක්‍රේනයට එරෙහිව භාවිත කිරීමට සූදානම් බව ජනාධිපති ව්ලැඩිමීර් පුටින් පවසනවා.
යුක්රේනයේ නිප්‍රෝ වෙත බැලස්ටික් මිසයිලයක් එල්ල කිරීමෙන් දිනකට පසුවයි මේ බව ප්‍රකාශ කර ඇත්තේ.
රූපවාහිනී වැඩසටහනකදී රුසියානු නායක පුටින් පැවසුවේ ඔරෙෂ්නික් නමැති මෙම මිසයිලයට වෙනත් ප්‍රති මිසයිලයකින් බාධා කළ නොහැකි බවයි.
ඇමරිකාව හා බ්‍රිතාන්‍යය ලබාදුන් මිසයිල භාවිත කර යුක්රේනය පළමු වරට රුසියාවට ප්‍රහාර එල්ල කිරීමෙන් පසුව පෙරේදා රුසියාවද ප්‍රතිචාර දැක්වූවා.
යුක්රේන ජනාධිපති වොල්දොමීර් සෙලෙන්ස්කි ලෝක නායකයන්ගෙන් ඉල්ලා සිටියේ පුටින්ට ඔහුගේ ක්‍රියාවන්ගේ සැබෑ ප්‍රතිවිපාක දැනෙන පරිදි බරපතල ප්‍රතිචාරයක් ලබා දිය යුතු බවයි.