Latest News

“එඔවින්” නිසා එක්සත් රාජධානියට හා අයර්ලන්තයට දැඩි බලපෑම්

Published 2 years ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

“එඔවින්” සුළි කුණාටුව හේතුවෙන් එක්සත් රාජධානියට සහ අයර්ලන්තයට දැඩි බලපෑම් එල්ල වී තිබෙනවා.

ඒ අනුව පුද්ගලයින් මිලියනයකගේ පමණ විදුලිය සහ ජලය සැපයුම ඇණහිට ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

එක්සත් රාජධානියේ සහ අයර්ලන්තයේ වසර 27කින් වාර්තා වූ වැඩිම සුළඟේ වේගය ඊයේ (25) වාර්තා වුණා.

එම කලාපයේ, පැයට කිලෝමීටර 180 ඉක්මවූ තද සුළං ඇතිවූ බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ.

ස්කොට්ලන්තයේ සියලුම දුම්රිය ගමන් වාර අවලංගු කිරීමට එරට බලධාරීන් පියවර ගෙන ඇති අතර උතුරු අයර්ලන්තයේ සියලුම පාසැල් වසා දමා තිබෙනවා.

කලාපයේ ගුවන් තොටුපොළ මෙහෙයුම්වලට ද දැඩි බාධා එල්ල වී ඇති අතර අවලංගු කර ඇති ගුවන් ගමන් සංඛ්‍යාව 1,200කට අධිකයි.

ගසක් කඩා වැටීම හේතුවෙන් අයර්ලන්තයේ එක් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වූ බව ද විදෙස් වාර්තාවල දැක්වෙනවා.

World News

Send your contact Details Today