Latest News

ට්‍රම්ප්ගේ අලුත් තීරණයක් රිවස් කරයි

Published 2 years ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

චීනයට තීරු බදු පැනවීමක් සිදු නොකරන බව ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා.

පෙබරවාරි මාසයේ සිට චීනයට සියයට දහයක තීරු බදු පැනවීමක් සිදුකරන බවයි ට්‍රම්ප් ජනාධිපතිවරයා පෙරේදා දිනයේ ප්‍රකාශ කළේ.

කෙසේ වුවද චීනයට නව තීරු බදු පැනවීමක් සිදු නොකරන බව ඔහු අද සඳහන් කළා.

ඒ ෆොක්ස් නිව්ස් නාලිකාව සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින්.

චීනය ලොව බලවත්ම රාජ්‍යයක් බවට ඔහු එහිදී සඳහන් කර තිබෙනවා.

එමෙන්ම උතුරු කොරියා නායක කිම් ජොන් උන්ග් සමග සමීප සබඳතා ඇතිකර ගැනීමට බලාපොරොත්තු වන බව ට්‍රම්ප් මෙහිදී සඳහන් කර ඇති අතර උතුරු කොරියා නායකයා බුද්ධිමත් පුද්ගලයෙකු ලෙසයි ට්‍රම්ප් සාකච්ඡාව අතරතුරදී සඳහන් කර ඇත්තේ.

World News

Send your contact Details Today