Latest News

සිඩ්නි ගුවන්තොටුපල ආශ්‍රිතව සරම්ප අනතුරු ඇඟවීමක්

Published 2 years ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

සිඩ්නි ගුවන් තොටුපළට ආශ්‍රිත සරම්ප අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.

සරම්ප රෝගය වැළඳි ජාත්‍යන්තර මගියෙක් පසුගිය ජනවාරි 17 වනදා සවස 4.29 ට Jetstar JQ4 නැමති ගුවන් යානයෙන් Honolulu සිට සිඩ්නි වෙත පැමිණ තිබෙනවා.

එම සංචාරකයා සිඩ්නි වෙත පැමිණ යළිත් ගෝල් කොස්ට් වෙත ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

මේ හේතුවෙන් සෞඛ්‍ය අංශ නිරතුරු ජනතාවට උපදෙස් ලබා දී ඇත්තේ සරම්ප එන්නත් ලබා නොගත් මගීන් හැකි ඉක්මනින් එම එන්නත් ලබා ගන්නා ලෙසයි.

එනත් ලබා ගෙන සිටිය ද ඔබට සරම්ප රෝගය ආසාදනය වුවහොත් ඉන් සිදුවන බලපෑම අවම වන බවයි බෝවන රෝග ශාඛාවේ අධ්‍යක්ෂ වෛද්‍ය ක්‍රිස්ටීන් සෙල්වි සදහන් කළේ.

විදේශයන් හි සිට එන සංචාරකයින් සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියානුවන් නිරතුරු අවදානයෙන් සිටින ලෙස වැඩිදුරටත් සඳහන්.

World News

Send your contact Details Today