Latest News

කුසල් මෙන්ඩිස් ICC ශ්‍රේණිගත කිරීම්වල ඉහළට

Published 2 years ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

එක්දින පිතිකරුවන්ගේ ශ්‍රේණිගත කිරීම්වල කුසල් මෙන්ඩිස් 26 වන ස්ථානය දක්වා ස්ථාන 09කින් ඉදිරියට පැමිණ තිබෙනවා.

ඒ, නිමාවට පත් වූ නවසීලන්ත තරගාවලියේදී දැක්වූ දක්ෂතා හේතුවෙන්.

එහිදී ඔහු ලබා ඇති ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 603ක්.

මෙම ශ්‍රේණිගත කිරීම්වල ප්‍රථම ස්ථානයේ පාකිස්ථානයේ බාබර් අසාම් පසුවනවා.

ඉන්දියානු පිතිකරුවන් වන රෝහිත් ශර්මා, ශුබ්මන් ගිල් සහ විරාත් කෝලි යන ක්‍රීඩකයින් දෙවන, තෙවන සහ සිව් වන ස්ථානවල රැඳි සිටිනවා.

ශ්‍රී ලංකාවේ පැතුම් නිස්සංක අට වන ස්ථානයේ පසුවන අතර චරිත් අසලංක එහි 11 වන ස්ථානයේ පසුවන බව සඳහන්.

World News

Send your contact Details Today