ඉන්දියාවේ මුම්බායි නුවර සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත අද පස්වරුවේ පැමිණි ගුවන් යානයක් තුළ බෝම්බ ඇති බවට තොරතුරු වාර්තා වීම හේතුවෙන් හදිසි ගොඩ බැස්සවීමකට ලක් කර තිබෙනවා.
අද පස්වරු 02:56ට ඉන්දියාවේ මුම්බායි නුවර සිට පැමිණි විස්තාරා ගුවන් සේවයේ UK 131 දරන ගුවන් යානය තුළ බෝම්බයක් ඇති බවටයි එම තොරතුර ලැබී තිබුණේ.
එයාර් බස් ඒ 320 වර්ගයේ ගුවන් යානයක් වන මෙම ගුවන් යානය තුළ ගුවන් මගීන් 108 දෙනෙකු සහ කාර්යය මණ්ඩලයේ 08 දෙනෙකු රැඳී සිට තිබෙනවා.
අනතුරුව ආරක්ෂක නිලධාරින් විසින් අදාළ ගුවන් යානය පරීක්ෂා කර තිබෙනවා.
එහිදී අනාවරණ වී ඇත්තේ, අදාළ විස්තාරා යානය තුළ කිසිදු පුපුරණ ද්‍රව්‍යයක් නොතිබූ බවයි.
මේ අතර පසුගිය 19 වැනිදා ද මෙරටට පැමිණි අදාළ සමාගමට අයත් ගුවන් යානයක් බෝම්බ බියක් හේතුවෙන් නියමිත වේලාවට පෙර හදිසි ගොඩබෑමක් සිදු කරනු ලැබුවා.
එදිනද මගීන් සහ යානය පරීක්ෂා කිරීමෙන් අනතුරුව බෝම්බය බියක් නොමැති බවටයි අනාවරණ වුණේ.