Latest News

ස්ලෝවැකියාවේ සාම සාකච්ඡා පැවැත්වීම ගැන පුටින් සතුටින්

Published 2 years ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

යුක්‍රේනය සමඟ සාම සාකච්ඡා පැවැත්වීම සඳහා ස්ලෝවැකියානු යෝජනාවකට රුසියාව විවෘත බව රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් පවසනවා.

ඔහු මේ බව සඳහන් කර ඇත්තේ යුක්‍රේන ගැටුම අවසන් කිරීම සඳහා රුසියාව තීරණයකට එළඹීමට අධිෂ්ඨාන කරගෙන සිටින බව දන්වමින්.

මෙම සතියේ මුළ ක්‍රෙම්ලිනයේ දී ස්ලෝවැකියානු අගමැති රොබට් ෆිකෝ, රුසියානු ජනපතිවරාඅව හමුවී සාකච්ඡා පැවැත්වූවා.

ස්ලෝවැකියානු අගමැතිවරයා යුරෝපීය සංගමය යුක්‍රේනයට ලබා දෙන මිලිටරි සහයෝගයට ප්‍රසිද්ධියේ විරුද්ධවන පුද්ගලයෙක්.

රුසියාව සහ යුක්‍රේනය අතර සාම සාකච්ඡා සඳහා සත්කාරකත්වය ලබා දීමට තම රට ඉදිරිපත්වීමට කැමැත්තෙන් පසුවන බවයි අගමැති රොබට් ෆිකෝ පවසා ඇත්තේ.

මධ්‍යස්ථ ස්ථාවරයක් ගන්නා ස්ලෝවැකියානු බලධාරීන් සමග යුක්‍රේන යුද්ධයට විසඳුම් සෙවීමට රුසියාවද කැමති බව ජනපති පුටින් පැවසීම යුද්ධය අවසන් කිරීම සඳහා “ධනාත්මක සංඥාවක්” බව ස්ලෝවැකියානු විදේශ අමාත්‍ය ජුරාජ් බ්ලැනාර් ද පවසා තිබෙනවා.

World News

Send your contact Details Today