ඉන්දියාවේ හිටපු අග්‍රාමාත්‍යවරයෙකු වන ආචාර්ය මන්මෝහන් සිංගේ අභාවය හේතුවෙන් එරට සතියක ජාතික ශෝක කාලයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.
හිටපු අග්‍රාමාත්‍යවරයාගේ අවසන් කටයුතු පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව සිදු කිරීමට නියමිතයි.
මීට අමතරව අද දිනට නියමිත සියලු රාජ්‍ය වැඩසටහන් අවලංගු කිරීමටද ඉන්දීය බලධාරීන් තීරණය කර තිබෙන බවයි එරට මාධ්‍ය වාර්තා කළේ.
නවදිල්ලියේ රෝහලක ප්‍රතිකාර ලමින් සිටියදී හිටපු අග්‍රාමාත්‍ය ආචාර්ය මන්මෝහන් සිං මිය යන විට 92වැනි වියේ පසු වුණා.
1932 වසරේ වත්මන් පකිස්ථානයට අයත් කොටසක් වන පංජාබ්හිදී උපත ලැබූ ආචාර්ය මන්මෝහන් සිං ඉන්දියාවේ 13 වැනි අග්‍රාමාත්‍යවරයා වනවා.
මන්මෝහන් සිං දෙවරක් ඉන්දීය අගමැති ලෙසින් කටයුතු කර තිබෙනවා.