නයිජිරියා හමුදාව එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් සාමාන්‍ය වැසියන් 10 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
ප්‍රහාරයෙන් තවත් විශාල පිරිසක් තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.
ගිණිකොන දිග නයිජිරියාවේ ගම්මාන දෙකකට මෙම ගුවන් ප්‍රහාර එල්ල වී ඇති අතර එම ප්‍රහාර අතපසුවීමකින් සිදුකළ ප්රහාරයන් බව නයිජිරියා හමුදාව නිවේදනය කරනවා.
එම ප්‍රදේශයේ ක්‍රියාත්මක කැරළිකරුවන් ඉලක්ක කර ගනිමින් ප්රහාරයන් සිදුකළ බවයි හමුදාව නිවේදනය කරන්නේ.
කෙසේ වුව ද සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ විමර්ෂණයක් ක්‍රියාත්මක බව එම ප්‍රදේශය භාර ආණ්ඩුකාරවරයා පවසනවා.