හිටපු වෙළෙඳ අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාව අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඔහුව මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින්.
අල්ලස් කොමිසම විසින් ගොනු කර ඇති නඩුවක විත්තිකරුවකු වශයෙන් නම්කර සිටින හිටපු අමාත්‍ය ජෝන්ස්ටන් ප්‍රනාන්දු මහතා අද (23) දින අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් ඔහු අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙස දන්වමින් කොළඹ මහාධිකරණය විසින් අද වරෙන්තු නිකුත් කළා.
ඒ, මෙම නඩුව අද (23) කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න ඉදිරියේ කැඳවනු ලැබු අවස්ථාවේදීයි.
අදාළ නඩුවේ සෙසු විත්තිකරුවන් දෙදෙනා අධිකරණයේ පෙනී සිටියද පළමු වන විත්තිකරු වශයෙන් නම්කර සිටින ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අද අධිකරණයේ පෙනී සිටියේ නැහැ.
ඒ අනුවයි කොළඹ මහාධිකරණය විසින් මෙම නියෝගය නිකුත් කර ඇත්තේ.
ජෝන්ස්ටන් ප්‍රනාන්දු මහතා වෙළඳ අමාත්‍යවරයා ලෙස කටයුතු කළ අවධියේ සතොස ආයතනයේ සේවකයින් ඔවුන්ගේ නිල රාජකාරී වලින් ඉවත් කර දේශපාලන ක්‍රියාකාරකම්වල යෙදවීම තුළින් රජයට පාඩුවක් සිදු කළ යැයි චෝදනා කරමින් ඔහුට එරෙහිව මෙම නඩුව ගොණුකර තිබුණා.
ඒ අනුව අධිකරණ නියෝගය මත අපරාධ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාව මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙනවා.