Latest News

ඉරාන ජාතිකයින් දස දෙනෙකුට ශ්‍රී ලංකාවේදී මරණ දඬුවම්

Published 2 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ඉරාන ජාතිකයින් දස දෙනෙකුට, මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කළා.

මහාධිකරණ විනිසුරු පමිල රත්නායක මහතා විසින් එම තීන්දුව ප්‍රකාශයට පත් කළා.

2016 අප්‍රේල් මාසයේදී ගාල්ලට ඔබ්බෙන් වූ මුහුදු තීරයේදී පුද්ගලයින් 17 දෙනෙකු අත්අඩංගුවට ගැනීමත් සමඟ ඔවුන් විශාල මත්ද්‍රව්‍ය ප්‍රමාණයක් සමඟ අත්අඩංගුවට ගැනීමත් සමඟයි මෙම දඬුවම් නියම කර ඇත්තේ.

අත්අඩංගුවට ගත් 17 දෙනාගෙන් පුද්ගලයන් දස දෙනෙකු තම වරද පිළිගත් අතර පසුව ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම කළා.

ඉතිරි හත්දෙනා තවදුරටත් නීතිමය ක්‍රියාමාර්ගවලට මුහුණ දෙනු ඇති.

සැකකරුවන් ගමන් ගත් බෝට්ටුව ගාල්ල ආසන්නයේදී දුෂ්කරතාවයකට පත්වීමෙන් අනතුරුව නාවික හමුදාව විසින් ඔවුන් අත්අඩංගුවට ගෙන තිබුණා.

පරීක්‍ෂා කිරීමේදී මත්ද්‍රව්‍ය බවට සැක කෙරෙන ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 146 ක් සොයා ගැනීමට බලධාරීන් සමත් වූ අතර එම ද්‍රව්‍යයේ හෙරොයින් කිලෝග්‍රෑම් 48ක් තිබී ඇති බවයි වැඩිදුර විමර්ශනවලදී අනාවරණය වුණේ.

World News