කැලණිය විශ්වවිද්‍යාලයේ නේවාසිකාගාරයක ගොඩනැගිල්ලකින් ඇද වැටී සිසුවෙක් ජිවිතක්ෂයට පත් වී තිබෙනවා.
මෙලෙස ජිවිතක්ෂයට පත්ව ඇත්තේ කැලණිය විශ්වවිද්‍යාලයේ 4 වන වසරේ කළමනාකරණ පීඨයේ ඉගෙනුම ලබමින් සිටි ශිෂ්‍යයෙක්.
අනතුරින් මියගිය සිසුවා 24 හැවිරිදි වියේ පසුවන අතර ඔහු කන්දේගම, රිදීමාලියද්ද ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන බවයි පොලීසිය පැවසුවේ.
ඔහු අද අලුයම එම ගොඩනැගිල්ලෙන් වැටී ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක බවයි පොලීසිය ප්‍රකාශ කළේ.