Latest News

මොරොක්කෝ මුහුදේදි යාත්‍රාවක් පෙරළෙයි – 69ක් ජිවිතක්ෂයට

Published 2 years ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

මොරොක්කෝවට ඔබ්බෙන් මුහුදේ ගමන් කරමින් තිබූ යාත්‍රාවක් පෙරළී පුද්ගලයින් 69 දෙනෙකු මියගොස් තිබෙනවා.

පසුගිය 19 වනදා මෙම යාත්‍රාව බටහිර අප්‍රිකාවේ සිට ස්පාඤ්ඤය බලා යාත්‍රා කරමින් තිබීයදී පෙරළීමට ලක්ව වී ඇති අතර පෙරළිම සිදුවන අවස්ථාවේ යාත්‍රාව තුළ පුද්ගලයින් 80 දෙනෙකු පමණ ගමන් කරමින් සිට ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා පැවසුවේ.

කෙසේවෙතත් ඉන් දිවි ගලවා ගෙන ඇත්තේ 11 දෙනෙකු පමණයි.

මෙම වසරේ දී පමණක් පුද්ගලයින් දසදහසකට අධික සංඛ්‍යාවක් අප්‍රිකාවේ සිට බෝට්ටුවලින් ස්පාඤ්ඤයට පැමිණීමට උත්සාහ කිරීමේදී මියගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

World News

Send your contact Details Today