Latest News

ජර්මානු ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හරියි

Published 2 years ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ජර්මානු චාන්සලර් ඔලාෆ් ෂෝල්ස්ගේ ත්‍රි-මාර්ග සන්ධානය බිඳ වැටීමෙන් පසු, ජර්මානු ජනාධිපති ෆ්‍රෑන්ක්-වෝල්ටර් ස්ටයින්මියර් එරට පාර්ලිමෙන්තුව හෙවත් පහළ මන්ත්‍රී මණ්ඩලය විසුරුවා හැර තිබෙනවා.

ඒ පෙබරවාරි 23 වන දින හදිසි මැතිවරණයක් සඳහා මග පාදමින්.

මේ මස මුළදී ජර්මානු මුදල් අමාත්‍ය ක්‍රිස්ටියන් ලින්ඩ්නර්ගේ නිදහස් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂ සාමාජිකයින්, සභාග ආණ්ඩුවෙන් ඉවත් වුණා.

එහිදී ජර්මානු චාන්සලර් ඔලාෆ් ෂෝල්ස්ගේ රජයට ව්‍යවස්ථාදායක බහුතරයක් නොමැතිව ඉවත් වීමට සිදුවූයේ පාර්ලිමේන්තුවේ පැවති විශ්වාසභංග යෝජනාවකින් ෂෝල්ස් පරාජයට පත් වීමත් සමගයි.

මේ වන විටත් ජර්මනියේ මැතිවරණ ප්‍රචාරක කටයුතු ආරම්භ වී ඇති අතර, වත්මන් රජය අධික රෙගුලාසි පනවා වර්ධනය අඩාල කර ඇති බව පවසමින්, ජනතාව ඔවුන්ව ප්‍රතික්ෂේප කර ඇති බවට මත පළ වනවා.

මේ අතර සමීක්ෂණවලින් පෙනී යන්නේ ෂෝල්ස් වෙනුවට කොන්සර්වේටිව් අභියෝගකරු ෆ්‍රෙඩ්රික් මර්ස් පත් වීමට ඉඩ ඇති බවයි.

World News

Send your contact Details Today